Toyota KDH 200



KDH 200 Super GL
Auto
2499CC Turbo
Diesel

මේක ඉතින් වෑන් එකක් නේ, අතපය දිගෑරන් බැරිනම් නිදාගෙන යන්න පුලුවනන්, මේකේ Driver, Passenger ඇරුනම සීට් පේලි දෙකයි තියෙන්නේ. 6 දෙනෙක්ට හොදට වාඩිවෙලා යන්න ඉඩ තියෙනවා.
මේක Toyota HiAce පරම්පරාවට හතරවෙනි පරම්පරාව මට මතක විදියට..

KDH - KD HiAce (KD කියන්නේ එන්ජින් වර්ගේ)
මේකේ තියෙන්නේ 2KD එන්ජින් එකක්..
අලුත්ම එක GDH - GD HiAce

ගිහින් තියන උපරිමය 145 Kmph
පදින අය කියන විදියට හා මගේ අත්දැකීම් මත ඊට වඩා හයියෙන් යනකොට, වාහනේ ගැස්සෙනවා , පැද්දෙනවා..
ඇත්තම කිවුවොත් Toyota Dolphin එකක් එක්ක ගත්තම මේකේ සැප පහසුව මදි..
Toyota KDH එකෙත් අනු මොඩල් 3 යි..
DX - ප්රාතමිකම මොඩල් එක.. බඩු අදින්න ගහපු එකක් නිසා, අප්හොස්ටින් , Power Mirrors , Power Shutters , Dual A/C මුකුත් නෑ, බොහෝ වෙලාවට දොර 4 එන්නේ, බම්පර්, මිරර්ස්, ඔක්කොම කලු.. ලොක් පවා කලු.. 1250 KG ප්රවාහනය කරන්න පුලුවන්.


GL - මේක පොඩ්ඩක් හොදයි අරට වඩා. ඒත් පොඩ්ඩයි.. මේකෙත් power mirror නෑ, අප්හොස්ටින් නෑ, Dual A/C නෑ, දොර 5 එන්නේ.. 1250 KG මේකත්.


SuperGL - තියන හොදම මොඩල් එක..
ඔය පහුකාලිනව Dark Prime වගේ මොඩල් ආවට මං මේ කතා කරන්නේ 2012 ට කලින් ආපුව ගැන.. මේකේ බම්පර් බදේ පාට, Original Dual A/C, මැද කැබින් බොක්ස් එක වෙන්ස්, දොර 5 මැග්නට්, ෆොග් ලෑම්ප්ස්, ඉස්සරහ Driver, Passenger ඇජෙස්ටබල් සීට් දෙකක් , Power Mirror , Power Shutters , නිකල් ලොක්, නිකල් මිරර්ස් Factory ෆිටඩ් ඇවිල්ලා තියනවා.

ඊට අමතරව 100ට ගිහින් වංගු ගන්න බෑ.. 60/70 න් නම් ගන්න පුලුවන්,
පාර්ට්ස් ගාන අඩු නෑ
බ්රේක් ලයිනර් 22000 යි , බ්රේක් පෑඩ් 19000 යි.(ඔරිජිනල් ඒවා).
ලෝකල් ඒවා ඇත. ඒවා දැම්මම බ්රේක් කරද්දි ඇදිලා යන ගතිය, බ්රේක් අහන්නැති වීම වගේ ප්රශ්න වලට මූන දෙන්නත් වෙනවා. ඊට අමතරව ඩිස්ක්, ඩ්රම් ගෙවීයාමත් වෙනවා..
ගානේ හැටියට සැපපහසුවක් නෑ 

ගියර් සිසිටම් එකේ D, D3, D2, L කියලා ගියර් 4 ක් තියනවා..
මේක එලවන එක වෙනමම පැටර්න් එක්ක..
අපේ එකේ නම් තෙල් 13,14 කරනවා.
සාමාන්ය නම් තෙල් 12 තමයි..
තව එයාර් බෑග් 2 යි..
මේකක් ඉතින් ගන්නෝනන් Tourism වලට වගේ වෙන්නෝන, නැත්නම් පවුලේ 6,7 ඉන්නෝන..
4 දෙනෙක් ඉන්න පවුලකට මං නම් අනුමත කරන්නෑ.. මේ ගානට ඊට වඩා දේවල් කරගන්න පුලුවන් එහෙම අයට..
තව ඉතින් මේ ඕන එකක සුව පහසුව පොඩ්ඩක් වැඩි කරගන්න පුලුවන් Toyota Grand Cabin එකක පසුපස දුනු මිටි දෙක මේකට තියලා..
සරලව ඔච්චරයි


අනුග්‍රහය රවිදු නිසන්සල

writer  = Sanjana herath. 

Comments

Post a Comment

Popular posts from this blog

Suzuki Every

Toyota Noah