Honda Civic - FK6 (10th Generation )
දැන් මම කියන්න යන්නෙ 10th Generation Honda Civic FK6 වාහනය ගැන.
Looks
පෙනුම එකිනෙකාට සාපේක්‍ශ දෙයක්. සමහරු මේ වාහනේ තියන aggressive look එකට කැමති. සමහරැ අකමැති. නමුත් මැත කාලයෙ ලකාවට ආව කෙනෙක් හැරිලා බලන ආකාරයේ වාහනයක් කියලනම් නොවරදවාම කියන්න පුලුවන්interior
මේකෙ trim level 3ක් ආවා. SE, SR, EX කියලා. EX එක තමා top spec. මේ EX එකෙත් ආවා Technology package කියලා එකක්. මේ top spec වාහනේ leather seat, heated front and rear seats, auto dimming mirror, Autonomous driving aids, Digital cockpit, genuine Head unit with navigation, apple car play and android auto,Electrical Sunroof වගේම LED headlamps වගේ ගොඩක් features ආවා. හරිම comfortable වගේම sporty interior එකක් තියන වාහනයක්.
Performance and Handling
මේ වාහනේ මටනම් විශේශම දේ තමයි handling. EX trim එකේදි මේකට Adaptive dampers ලැබෙනවා. මේක ඇත්තටම BMW F30 එකක් තරමටම හොදට හසුරවන්න පුලුවන්. ඉතාම හොදට enjoy කරන්න පුලුවන් වාහනයක්.
Performance ගත්තම මේකේ එන්නෙ පොඩි 1000cc engine එකක්. හැබැයි Toyota 1NZ-FE 1500cc engine එකකටත් වඩා අශ්වබල 15ක් පමණ වැඩි. ඒ නිසා පිකප් එක ගැන වද වෙන්න දෙයක් නැ. අපි පහුගිය ටිකේ දැක්කා මේ වගේ වාහනයක් 200km/h යනවා. ඇත්තටම මේකේ උපරිම වේගය 205km/h ට සීමා කරලා තමා තියෙන්නෙ.
මේ වාහනෙ මම කැමති නැතිම කොටස තමයි CVT Gearbox එක. ඉතාම ඝොශාකාරි සහ අප්‍රසන්න හැගීමක් ගෙන දෙන gearbox එකක්. Peddle shifters නිසා තරමක් හොද උනත් මේකෙ UK වල එන අනර්ඝ 6 speed Manual transmission එක අපිට නැති එකනම් ලොකුම පාඩුවක්.
Fuel consumption
City:- 8-10km/l
Outstation:- 14-17km/l
Combined (Measured for 10,000km of highway, city, heavy traffic, and open road):- 11.7km/l
Maintenance and resale
මේක නඩත්තු කරන්න නම් විශේශ අමාරුවක් නැ. හැබැයි මේක ජපන් වාහනයක් නෙමේ. නිශ්පාදිත රට United Kingdom. ඒ නිසා යුරොපීය දායාදයක් ලෙස එන brake pad ඉක්මනින් ගෙවීම නම් වෙනවා. මගේ වාහනේ දැන 27000km දුවලා. තව 10000ක් යන්න කලින් brake pad දාන්න වෙයි කියලා හිතෙනවා. රුපියල් 30000ක් වගේ යනවා brake pad 4ට. අනිත් කාරනෙ tire. R17 low profile Michealine ටයර් තමා නිශ්පාදකයා දාලා එවලා තියෙන්නෙ. මේවා germany යේ නිශ්පාදිත tire. එකක් රුපියල් 40,000ක් පමණ වෙනවා. 40000km වගේ දුවාගන්න පුලුවන් සෙට් එකකින්.
හප්ප ගන්න නම් එපා පාර්ට්ස් ගේන්න වෙන්නෙ UK වලින්මයි. Agent ලග බම්පර් එකක් ලක්ශ දෙකක් ලු. මට කිව්වෙ යාලුවෙක් ඒ නිසා ඇත්තද නම් දන්නෙ නැ.
මාකට් එක ගැන කියනවනම් මේ ටිකේ නම් දුවපු EX එකක් ලක්ස 60න් මෙහා හොයාගන්න පුලුවන්. අලුත්
ගන්න ගානට හොදටම වටිනවා. තෙල් කරනවා බලන් 1000cc නිසා ගන්නවානම් ඒ අයට වෙන වාහන තියන නිසා මේක නොගෙන ඉන්න එක හොදයි. ඉතිහාසේ කිසිම civic එකක් තෙල් කරන එකටනම් ප්‍රසිද්ද නැ. මේකත් එහෙමයි. ගොඩක් resale market එකේ තියෙන්නෙ මේ වගේ තෙල් නොකරන නිසා විකුනණ අයගෙ වාහන. මේ review එකත් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.


අනුග්‍රහය සසික රනවක.
writer = Sanjana herath.
Comments
Post a Comment