Nissan Caravan

නිසාන් කැරවෑන් කියන්නේ ටොයෝටා ඩොල්ෆින් එකත් සමග කරට කර සිටින තරුණ බාල මහලු හැමෝගේම හිත් වශී කරගන්න හැකි පෙනුමකින් යුක්ත ආදරණීය වාහනයක් කිව්වොත් මම නිවැරදියි කියලා මම හිතනවා ඔයාලාගේ අදහස් කමෙන්ට් කරන්න

Nissan Caravan එක කියන්නේ ඉතා දිගු අතීතයක් තියෙන මිනිසුන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වුන වාහනයක්. අපි මුලින්ම මේකේ ඉතිහාසය කොයි වගේද කියලා හොයලා බලමු.

1. Nissan prince Homy (B640)

මේකේ නිශ්පාදනය ආරම්භ වෙලා තියෙන්නේ 1965දී තමයි.එහි නිෂ්පාදනය 1973 දී අවසන් වෙලා තියෙනවා.මෙය දොරවල් හතර හා දොරවල් 5 ලෙස ආදී වශයෙන් නිකුත් වී තිබෙනවා.මෙහි එන්ජින් එක ගැන කතා කළොත් එය 1.6 liter Engine එකක්.මෙහි පහළොස් දෙනෙකුට වාඩි විය හැකි cabin එකක් තිබිලා තියෙනවා.මෙය හඳුන්වා දීලා තියෙන්නේ Toyota HiAce එක හදුන්වා දුන්න කාලයේමයි.





2. Nissan Homy / Nissan Datsun Urvan/ (E20)

මේක නිෂ්පාදනය ආරම්භ වෙලා තියෙන්නේ 1973 දී 1980 දී මෙහි  නිෂ්පාදනය නවතා තිබෙනවා.මෙහි එන්ජින් එක වර්ග කීපයක් ලෙසින් ඇවිත් තිබෙනවා. 1483 cc (SE20) , 1982cc(PE20) , 2164cc(RE20) මේ කාලයේ Nissan E20 එක minibus එකක් ලෙසි ද හැඳින්වුවා. යුරෝපීය රටවල මෙය වැඩි වශයෙන් ප්‍රසිද්ධ වුණා.මෙහි දොර 3 හා දොර හතර ලෙස පැමිණ තිබෙනවා.මෙය first generation එකට වඩා කිසිදු තාක්ෂණික වෙනස්කමක් නොතිබුණු අතර එහි බාහිර ස්වරූපය පමණක් වෙනස් කොට එවන ලද්දකි.





3. Nissan Homy /Nissan Urvan / Datsun Caravan / (E23)

මෙහි නිෂ්පාදනය ආරම්භ වී තිබෙන්නේ 1980 අගෝස්තු මාසයේ 1986 දී මේ නිෂ්පාදනය නවතා දමා තිබෙනවා.මෙහි එන්ජින් එක 1.6L (J16 OHV14), 1.8L(Z18s 14) ,2.0L (H20 OHV 14) ,2.0L(Z20s 14),2.0L (LD 20t 1)Turbo diesel , 2.2L (SD22 14) diesel ,2.3L (SD23 14) diesel ආදී වශයෙන් නිකුත් වී තිබෙනවා.කලින් කිව් මොඩ්ල් එකට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉදිරිපස පෙනුම හා ඉදිරි පස driver හා passenger දොරටුවේ කුඩා වීදුරුවක් තිබීමයි.මෙහි 5 speed manual transmission gear box එකක් තියනවා. මෙහි DX , GL හා SGL ලෙස කාණ්ඩ 3ක් ඇවිත් තියෙනවා.






4. Nissan Hormy/ Nissan Urvan / Nissan Urvan Escapade/ Nissan Urvan Shuttle/ Nissan Caravan Homy / E24

ලංකාවේ ඉතා බහුලව දකින්නට ලැබෙන සිත් ඇදගන්නාසුළු පෙනුමක් ඇති වාහනක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්
මෙය නිෂ්පාදනය කිරීම වර්ෂ 1986 සිට ආරම්භ කර තිබෙනවා.මෙහි එකල කිරීම කටයුතු පිලිපීනය හා කෙන්යාවේ සිදු කෙරෙනවා. QD32 four cylinder diesel එන්ජිම 1996දී තමා එකතු කර තියෙන්නේ.මෙය දොර 3 දොර 4 හා දොර 5 ලෙස වර්ග කීපයක් ඇවිත් තිබෙනවා. මෙහි Engine එක කාණ්ඩ කීපයක් ඔසසේ ඇවිත් තිබෙනවා

2.3L TD23 diesel
2.5L TD25 diesel
2.7L TD27 diesel
2.7L TD27T Turbo diesel
3.2L QD32 diesel
2.4L KA24DE petrol
3.0L VG30E pertrol V6
4.8L v8 petrol

ලංකාවේ ඉතා බහුලව දකින්න ලැබෙන්නේ TD27 diesel එන්ජින් එක සහිත වාහනයයි.
මෙය ලීටරයට කිලෝමීටර 6ක් වගේ පෙට්‍රෙල් කාර්‍යකෂමතාවයක් පෙන්වනවා.










5. Nissan Urvan/ Nissan Urvan Estate / E25

මෙහි නිෂ්පාදනය වර්ෂ දෙදහස් එකේදී 2001 දී ආරම්භ වී තිබෙනවා එය වර්ෂ දෙදහස් දොළහේ දී නවත්වා තිබෙනවා Isuzu como ලෙස ජපානයේ අලෙවි කර තිබෙනවා. මෙය දොර 3හා 4ලෙස මාදිලි 2කින් සමන්විතයි.මෙහි එන්ජින් එක 2.5L ZD30DD diesel ,3.0L VR30DDTT V6 ලෙස නිකුත් වුවා. මෙය 5 speed manual transmission gear box එකක් හා 4 speed automatic transmission box ac ලෙස පැමිණියා.







6. Nissan NV350 Urvan/ Nissan impendulo / NV350 / E26

මෙහි නිෂ්පාදනය 2012 සිට ආරම්භ වී වර්තමානය දක්වා සිදුකෙරනවා. මෙය 2.5L ZD25DD Diesel හා 3.0L VR30DDTT V6 ලෙස එන්ජින් මාදිලි දෙකකින් නිකුත් උනා. මෙය 5-speed automatic transmission gear box එකක් හා 5 speed manual transmission gear box එකක් ලෙසින්ද මාදිලි 2කින් නිකුත් කෙරෙනවා.මෙහි සැලකිය යුතු හොඳ පෙට්‍රල් කාර්‍යකෂමතාවයක් දකින්න පුළුවන්.




මේ ලිපිය ඔයාට වැදගත් වුනා කියලා හිතිනවා අනික් අයටත් බලන්න ෂෙයාර් කරන්න.

Writer- Sanjana Herath

Comments

Post a Comment

Popular posts from this blog

Nissan Datsun B11

Toyota Allion 260