Suzuki Wagon R Stringray 2018

මේ Review එක කරන්නේ Wagon r stringray 2018 එක ගැන.මේකේ වැරදි,අඩුපාඩු තිබ්බොත් කියලා දෙන්න.
මේක Wagon r Stringray 2018 Model එක.මේක Mild Hybrid.මේකේ Turbo එකක් වගේම Nun turbo version දෙකක් එනවා,ඒ වගේම මෙකේ 4wd මොඩලුත් එනවා.අපේ ගෙදර තියෙන්නේ Non turbo 4WD නැති Version එක.මේක 660CC Engine ධාරිතාවකින් එන්නේ.
A/C,Power steering,Alloy Wheel,Traction Control,Stability Control,Air bags(Driver and passager airbag,Turbo එකේ නම් Airbag 6ක් එනවා),Power Shutters,Power Mirror,Winker Mirror,Lane Departure Warning,Head Up Display,ABS,Idole Stop,Ev Mode(10M වගේ පොඩි දුරයි ඉදිරියට ඇදෙන්න පුලුවන්),Auto head dim වෙන Option එක තියෙනවා.මේ වගේ ගොඩක් විශේෂාංග තියෙනවා.මේකට 4 Star safety rating තියෙනවා.

Service එක, Service center එක අනුව ගාන වෙනස් වෙනවා.දෙවෙනි Service එකට ගියා Rs.13,895k.සමහර තැන් වල 11,000,
10000 ඔය වගේ තැනින් තැනට වෙනස් වෙනවා.
140ට මීටර් එක තියෙනවා.මං නම් තාම 130ට විතරයි ගිහින් තියෙන්නේ.කලින් Model එකට වඩා මේකේ Driving ලේසි.යනවා තේරෙන්නේ නැහැ.Highway එකේ කුරුඳුගහහැතැක්ම ඉඳලා පින්නදූවට ආවා 100ට A/C දාලා(Temperature එක අඩුම කරලා) Petrol 23k වැඩ කරලා තිබ්බා.සමහර අය මේකට හුලං ගහන්නේ 32,අපි නම් 35ක් ගහනවා.මට පුලුවන් මේකේ තෙල් 12ක් වැඩ කරන්න Driving කරන්නත්,තෙල් 30ක් වැඩ කරන්න Driving කරන්නත්.Driving style එක අනුව තමයි එකේ තීරණය වෙන්නේ.

1.Driving හරිම පහසුයි
2.ගෙවන ගානට පහසුකම් තියෙනවා
3.ඇතුලේ ඉඩ කඩ හොඳටම තියෙනවා.පහසුවෙන් ගමන් කරන්න පුලුවන් 4,5 කට වුණත්
4.වාහනය Control එක හොඳයි
5.රෑට එහෙම හොඳට එළිය තියෙනවා

1.කඳු වලදි Overtake කරන්න අමාරුයි
2.Parts මිල අධිකයි
3.A/C එක මදි(වෙන වාහන එක්ක බලද්දි A/C මදි,පිටිපස්සේ යන අයට එහෙම මදි,මේක මට දැනෙන දේ)
4.ගැස්සෙනවා වැඩියි
Overall Indian Alto එකකට වඩා 100%ක් වටිනවා.




අනුග්‍රහය තරිදු දේශාන්
writer - Sanjana Herath

Comments

Popular posts from this blog

Toyota KDH 200

Suzuki Every

Toyota Noah