Toyota Allion 260

Introduction

ඇලියොන් සහ ප්‍රිමියෝ කියන්නේ නිවුන් කාර් දෙකක්. මේ වාහන වල නම කියපු ගමන් මතක් වෙන දෙයක් තමයි සැප පහසුව කියන දේ. මේක ටොයෝටා කොරොල්ලා (ඇක්ෂියෝ) හා කැම්රි කියන ටොයෝටා මෝටර් රථ දෙක අතර තියන වාහනයක්‍. ඒ නිසා සැපපහසුව අතින් හා ලබාදීලා තියන අනෙකුත් ඔප්ෂන් ඉතාම සතුටු දායකයි.
1970 ඉදලා ටොයෝටා සමාගම නිෂ්පාදනය කරපු කරීනා මෝටර් රථය ආදේශ කරලා තමයි 2001 වසරෙදි ඉදන් ඇලියොන් මෝටර් රථය නිර්මාණය වෙන්නේ. මේකේ 2001 ඉදලා නිෂ්පාදනය කරපු පළමු පරම්පරාව හැදින්වුනේ ඇලියොන් 240 කියලා. ඉන් පස්සේ 2007 දි තමයි ඇලියොන් 260 කාර් එක නිර්මාණය වෙන්නේ. මේ කාර් ඩිසයින් එක ටොයෝටා සමාගමෙන් එදා මෙදා තුර ඩිසයින් කරපු ස්ථාවරවම ඩිසයින් එකක් කියලා කියන්න පුලුවන්. මේක කොච්චර ස්ථාවරද කියනව නම් 2007 ඉදලා අද දක්වා ටොයෝටා සමාගම සුලු වෙනස්කම් පමණක් කරලා මේක නිෂ්පාදනය කරනවා.

Performance 

කාර් එක ගැන කියනව නම් මේකේ 1.5 L සහ 1.8 L එන්ජින් වර්ග දෙක තමයි ලංකාවේ තියන්නේ. මම පාවිච්චි කරන්නේ 1.5 L කාර් එකක්. ඒ නිසා ඒ ගැන කියන්නම්.
මේකේ සැප පහසුව, ඉන්දන කාර්යක්ෂමතාවය, ඉඩකඩ, පෙනුම, පිකප් එක වගේ හැම දෙයක්ම ඉතාම හොදයි කියන්න පුලුවන්. බැලූ බැල්මට කිලෝ 1200 ක් බර මේ වාහනයට 1.5 L එන්ජින් එක ඇතිද කියලා කාටහරි ගැටලුවක් ඇති වෙන්න පුලුවන්. නමුත් මේවගේ එන්නේ CVT ගියර් පද්ධතියක්. ඒක එන්ජින් එකත් එක්ක සම්බන්ධ කරලා තියන විදිහට වාහනේ ඉහල ඉන්දන කාර්යක්ෂමතාවයක් හා පිකප් එකක් ලැබෙනවා. 5 දෙනෙක් එක්ක ලොකු කන්දක උනත් කිසිම අඩුපාඩුවක් නැතුව වාහනය අදිනනවා. මේ 1.5 එන්ජින් එකේ 82kW (110 bhp) බලයක් හා Nm ක Torque 140 එකක් උත්පාදනය කරනවා.
මේකේ පැට්‍රල් ඒසී එක්ක ටවුන් ඒරියාවල 13-14 සාමාන්‍යයෙන් කරනවා. දුර යනකොට නම් 17-19 අතර ප්‍රමාණයක් පැට්‍රල් කරනවා. ඉකෝ බල්බ් එකක් තියන නිසා ඉන්දන පිරිමැසුම්දායක විදිහට වාහනය පදවන්න ලේසී.

Exterior

මේ වාහනයේ Ground Clearance එක 160 mm ක්. ඒ නිසා සාමාන්‍ය ගැටිති සහිත තැන්වල උනත් යට වදින්නෙ නෑ. මේ වාහනයේ පැට්‍රල් ටැංකියේ ධාරිතාවය ලීටර 60ක්.

Classification & size

මේක ඇමරිකානු ප්‍රමාණ වර්ග කිරීමවල හැටියට Compact Car එකක් විදිහටයි වර්ග වෙන්නේ. ඒ කියන්නේ මේක Minicompact, Subcompact කාර්වලට වඩා විෂාල Mid-Size කාර්වලට වඩා කුඩා මධ්‍යම ප්‍රමාණයේ වාහනයක්. 5 දෙනෙකුට සුවපහසුවෙන් ගමනක් යන්න පුලුවන් තරමට හොද ඉඩකඩක් තියනවා.
options

පවර් මිරර්, පවර් ෂටර්, rear viper, illumination dash board, intelligent key, push start, multi function ස්ටීරියන්වීල්, front rear camera වගේ ඔප්ෂන් මේකේ තියනවා.

interior 
මේකේ ඇතුලත කළු, සහ බේජ් කළර් කියන වර්ග දෙකෙන් ඇවිත් තියනවා. 


අනුග්‍රහය -  කිශාන් අජන්ත
writer- Sanjana herath

Comments

Popular posts from this blog

Nissan Caravan

Nissan Datsun B11