Toyota corolla 110

මුලින්ම වාහනේ ගැන කියනවා නම් අවුරුදු 20කට වඩා පරණ උනත් තවමත් මාකට් එක අඩු නැති, reliable වාහනයක්. හොඳ road feeling එකක් තියන, stable කාර් එකක්. Stability එක සහ ඉඩ කඩ අතින් නම් sunny sb13 එකට වඩා සෑහෙන ඉස්සරහින් (lancer cs3 එක තරම් නම් නෑ)
110 කියලා පොදුවේ කිව්වාට model කිහිපයක් සහ trim level කිහිපයක්ම තියනවා. ලංකාවෙ අපිට සාමාන්‍යෙන් දැකගන්න පුලුවන් වෙන්නෙ මේ පහල තියන model ටික.
AE110 - 1.5l 5AFE engine එක
CE110 - 2.0l 2C-iii engine එක
EE111 - 1.3l 4EFE engine එක
AE111 - 1.6l 4AFE engine එක
මේවාගෙන් AE110 එකට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ. AE110 එකේ 96න් පස්සෙ models වල EPS ඇවිත් තියනවා.
Trim levels ගත්තොත්,
DX - මේ තමයි බේසික්ම එක. Dicky door opener, intermittent wiper control වගේ optionවත් නෑ. Black colored bumpers and side mirrors තමයි ඇවිත් තියෙන්නෙ
LX - මේක තමයි ඊලග එක. මේකෙ වෙනස වෙන්නෙ body colored bumpers and side mirrors ඇවිත් තියනවා. සීට්ස් තරමක් හොඳයි.
XE Saloon - මේකෙදි power mirrors (without rectractable), power shutters සහ central lock ඇවිත් තියනවා. Door upholsteries කාඩ් එකක් විදියට වගේ තමයි තියෙන්නෙ. Intermittent wiper controls තියනවා variable timer එක නැතුව. Dual air bags optional නිසා හැම එකේම නෑ.
SE Saloon / SE Saloon L- මේකෙදිත් ඔප්ශන් ඔක්කොම තියනවා. Door upholsteries card විදියට නැතුව plastic සහ leather mix එකකින් ටිකක් premium look එකක් එන්න හදලා තියනවා. RPM meter එක වගේම retractable mirrors එහෙමත් තියනවා. Dual airbags mandatory option එකක් විදියට ඇවිත් තියනවා.
SE Saloon G Limited - pre facelift (crystal light නැති) මොඩල් එකේ හොඳම grade එක මේක. Reading lamps, teak panels එහෙම තියනවා. Climate control unit එකක් එනවා
SE Saloon Reviere - Crystal light model එකේ හොඳම grade එක මේක. නිකල් door handles එහෙමත් තියනවා උඩ ඔප්ශන් වලට අමතරව.
පෙට්‍රල් වැඩ කිරීම ගත්තොත් මැනුවල් ඒවා ඔටෝ ඒවාට වඩා පොඩ්ඩක් වැඩියෙන් වැඩ කරනවා. හොඳටම වැඩ කරන්නෙ 5AFE AE110 එකේ. කොළබ අවට 9-12 අවට ගානකුත්, කොළඹින් පිට 14-16 අවට ගානකුත් වැඩ කරනවා.
EE111 1.3 එක full tank to full tank මෙතඩ් එකට බැලුවාම කොළඹ 9-11 අතරේ කරනවා. පිට නම් 15ක් වගේ කරනවා.
Overall ගත්තාම smooth, reliable කාර් එකක්. අදටත් , maintenance කරනවා නම් කිසිම කරදරයක් නෑ.
Standard tyre size එක 155 SR 13. හැබැයි දැන් නම් ගොඩක් ඒවා 14 කරලා. Fuel tank capacity එක 50l.
Parts ඉස්සර තරම් ම සුලභ නැතත් අඩුවක් නෑ තවම..හොයාගන්න තියනවා.






අදහස් බිම්සර වැල්ලවත්ත
writer - Sanjana Herath

Comments

Popular posts from this blog

Toyota KDH 200

Suzuki Every

Toyota Noah