Toyota Corolla Fielder Hybrid
වාහනේ Toyota Corolla Fielder Hybrid, සමහරු Axio Fielder කියල කිව්වත් මේකෙ Axio කෑල්ලක් නෑ.. මෑතකදී අවුරුදු කිහිපයක් පාවිච්චි කරපු වාහන වලින් එකක් නිසා දන්න දේවල් ටික කියන්නම්.
ඇක්සියෝ හයිබ්‍රිඩ් එකේ Wagon එක තමයි Corolla Fielder කියල එන්නෙ. වාහනේ ඇතුලෙ හොඳට ඉඩ පහසුකම් තියෙනවා, Rear Leg room ඇක්සියෝ එකකට වඩා වැඩී, FWD වාහනයක් නිසා Transmission Tunnel එකක් නෑ, ඉතින් 3 දෙනෙකුට පසුපස සීට් එකේ කරදරයක් නැතුව යන්න පුලුවන්. දෙදෙනෙක් ගමන් කරනවනම් මැද්දෙ Arm Rest එකකුත් තියෙනවා. Front Seats දෙකේ Side Support තියෙනවා. Rear Seat එකේ Isofix Points තියෙනව Baby Seat එකක් එහෙම හයිකරන්න අවශ්‍ය නම්. Boot Space ගොඩක් හොඳයි, පිටිපස්සෙ Seats පසුපසට Tilt කරන්න උනත් පුලුවන් නිසා දුර ගමනක් සැපපහසුව නිදාගෙන උනත් යන්න පුලුවන් වගේම Rear Seats ඉස්සරහට සම්පූර්ණයෙන් ම නවලා Flat Cargo Area එකක් හදාගන්නත් පුලුවන්. Airport Drop එකක් වගේ කරනව නම් වැඩිහිටි දෙදෙනෙකුගෙ Main Baggage සහ Hand Luggage දාගන්න Boot එකේ කරදරයක් නෑ. වාහනේ ගමන් කරන්නෙ තුන්දෙකෙන් හෝ හතර දෙනෙක් නම් Rear Seat එකේ එක කොටසක් පහත් කරල තවත් ඉඩ හදාගන්න පුලුවන්.
ඉස්සර Fielder එක Option Packages හතරකින් ආවා. X , G , G - Aerotourer සහ WXB, නමුත් දැන් නම් හයිබ්‍රිඩ් Version එකෙන් X, G, WXB කියල විතරයි එන්නෙ. ලංකාවෙ බදු ක්‍රමය නිසා අලුතින් දකින්න නැති උනත් සාමාන්‍ය පෙට්‍රොල් 1NZ-FE 1500cc එන්ජිම සහ 2ZR-FE 1800cc එන්ජිමත් එක්ක TRD Sports Model එකකුත් ඇවිත් තියෙනව.
මගේ ගාව තිබ්බෙ Hybrid WXB එකක්. Fielder පරම්පරාවේ තුන්වෙනිය උනාට මේ වාහනේ Hybrid එකක් ලෙස ඉස්සෙල්ලම එලියට එන්නෙ 2013 දී.. ඒ කාලේ WXB ආවෙ Fielder එකේ විතරයි, Axio WXB එන්න ගත්තෙ 2015 වගේ තමයි මතක. 2013-2014 WXB එන්නෙ කලු සහ සුදු වර්ණ දෙකෙන් විතරයි. 2015 ඉඳන් තව වර්ණ කිහිපයක් එකතු උනා. Full Option සමඟ Factory Fitted Full Body Kit එකක් සහ WXB Signature Alloy Wheels එනවා.. Synthetic Semi Leather Seats With White stitching, White Seat Belts සහ Carpets with White boarders, dashboard with carbon fiber finish, Smoked head and tail lamps වගේ දේවල් තමයි WXB එකේ විශේෂ වෙන්නෙ. Front Driver / Passenger Airbags සහ Curtain Airbags එනවා. ABS with Traction Control සහ Hill Start Assist එනවා. Front Disc Brakes සහ Rear Drum Brakes එන්නෙ. 2015 ඉඳන් TSS(Toyota Safety Sense) ආවා, ඒත් එක්කම Facelift එක.
2013 ඉදන් තාම එන්නෙ එකම Generation එක සුලු සුලු Upgrades එක්ක. Aqua, Axio, Fielder වාහන තුනම පාවිච්චි කරන්නෙ 1NZ-FXE කියන Atkinson Cycle එන්ජිම, 1500cc උනත් සාමාන්‍ය ටොයොටා 1NZFE එන්ජිමට වඩා බලය අඩු වෙන්නෙ Fuel Economy මුල් කරගෙන හදපු Simulated Atkinson Cycle එන්ජිමක් නිසයි. නමුත් ඒ අඩුව හයිබ්‍රිඩ් මෝටරෙන් පුරවන නිසා අනිත් 1500cc ටොයොටා වාහනයකට සාපේක්ෂව pickup එකේ වෙනසක් නෑ. හයිබ්‍රිඩ් පද්ධතිය සහ බැටරියත් මේ වාහන තුනටම පොදුයි ටොයොටා සියලුම හයිබ්‍රිඩ් රථ වල තියෙන eCVT තාක්ෂණය තමයි Transmission එක හැටියට යොදාගැනෙන්නේ. එන්ජිමේ හෝ Transmission එකේ ආවේනික ලෙඩ නෑ. ඉන්ධන කාර්යක්ශමතාවය අතින් Aqua හෝ Axio එකට සමයි.. පාරෙ කොටන්නෙ නැතුව සාමාන්‍ය වාහනයක් පදින විදිහට පැදලා ලීටරයකට 18-22ත් අතර නගර සීමාවන් වලත්, 25න් එහා දුර ගමන් වලදීත් යන්න පුලුවන්. හයිවේ එකේ 90ට විතර යනව නම් ගේමක් නැතුව ලීටරයකට 28-30ත් අතර.. AC පද්ධතියත් Full Electric නිසා පැයක් එකතැන 25 ට වගේ AC දාගෙන හිටියොත් විනාඩි 10-15 ට වඩා එන්ජිම දුවන්නෙ නෑ.. ඉතින් පෙට්‍රල් අතින් නම් බොහොම හොඳයි. අර ටියුනප් මේ ටියුනප් නැතුව කි.මි 54,000ක් දුවල වාහනනේ විකුනන දවසෙත් ගත්ත දා වගේම පෙට්‍රොල් වැඩ.
API SN, ILSAC GF-5 සහතික කරල ලද Fully Synthetic එන්ජින් ඔයිල් එකක් දානවා නම් අවුරුද්දකට සැරයක් හෝ කි.මි. 10000 ට සැරයක් ඔයිල් මාරු කරාම ඇති. ඔයිල් ලිටර 3.6 ක් යනවා. ඊට අමතරව කි.මි 80000 ට සැරයක් Toyota Genuine ATF-WS Fluid එකෙන් ATF මාරු කරන්න ඕනේ. කූලන්ට් නම් අවු.7ක් හෝ කිම්.160,000කට සැරයක් Toyota Super Long Life Coolant වලින් මාරු කරන්න ඕනේ. සෑම කි.මි 30000 ට විතර සැරයක් හයිබ්‍රිඩ් බැටරිය Service (රු5000-7000ක් වගේ) කරල දුවනවා නම් නිශ්පාදිත වර්ශයේ සිට අවුරුදු 7ක් හෝ වැඩියෙන් බැටරියත් පාවිච්චි කරන්න පුලුවන්. බ්රේක් පෑඩ් සෙට් එකක් ලෙසියෙන්ම කි.මි ලක්ශෙ පන්නන්න පුලුවන්. කම්පැනි දාල සර්විස් කරනව නම් ඔය Intervals එයාලට ඕනෙ විදිහට වෙනස් වෙනවා. ඒක වෙනම කතාවක්, නමුත් ඔයිල් වලට රු 5000-6000ක් වගේ සහ ඔයිල් ෆිල්ටර් එකට 900/- ක් වගේ තමයි යන්නෙ. ඔක්ටේන් 92 පෙට්‍රොල් වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුලුවන්.
මේ දේවල් ඔය වාහන තුනටම සහ Prius එකටත් පොදුයි. ඔය වාහන තුනම ඉතා අඩු වියදමින් Maintenance කරන්න පුලුවන් වාහන.
මට ආපු නැති ඒත් එන්න පුලුවන්, පොදුවේ ඇති ලෙඩ ගැන කිව්වොත් හයිබ්‍රිඩ් බැටරිය නරක් උනොත් Brand New Battery එකක් දාන්න ලක්ශ 2.5ක් හෝ තුනක් වැයවෙනවා. කම්පැනියෙන් දානව නම් තව ටිකක් ගාන වැඩී. ඊට අමතරව Toyota Hybrid රථ වල Brake Accumulator එකේ ප්‍රශන එන්න පුලුවන්, අවු 3-4කට සැරයක් Scan Tool එකක් පාවිච්චි කරල නිසි ක්‍රමයට Brake Fluid අයින් කරල අලුතින් දානව නම් මේ ලෙඩේ එන්න තියෙන ඉඩ අඩුයි කියල අහල තියෙනවා. Steering Rack එකත් පාවිච්චිය හා Milage එක අනුව සද්ද කරන්න පුලුවන්.. ඒත් ඒක හදාගන්න ලොකු වියදමක් නම් යන්නෙ නෑ දැන්. Electric Coolant Pump එක නරක් වෙන්න පුලුවන්, තව රේඩියේටර් ෆෑන් එකත් අවුල් වෙන අවස්ථා තියෙනවා.. මම පාවිච්චි කරපු අවු 3ට කි.මි 54,000 ට නම් ඔය එකක් වත් කරන්න උනේ නෑ..
අඩු පාඩු කියනවනම් ඉතින් වාහනේ පාතයි, කාර් එකේ පස්දෙනෙක් ඉන්න වෙලාවට බොඩිකිට් එක ගැන බොහොම සැලකිල්ලෙන් එලවන්න ඕනේ.. යන්න පුලුවන් සහ යන්න බැරි තැන් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.. වාහනේට ආවෙ 185 x 60 x 15 ටයර් සයිස් එක, නමුත් 65 x 15 දැම්මොත් තව අඟල් භාගයක් විතර උස්සගන්න පුලුවන්. පිටිපස්සෙ යන අයට AC වෙන්ට් එකක් නෑ. කාර් එකේ එහෙම ලොකු පිකප් එකක් නෑ, eCVT නිසා Rubber band effect එක දැනෙනවා, වාහනේ රේස් වෙන තරමට යන්නෙ නෑ වගේ.. ඒත් Speedometer එක දිහා බැලුවොත් නම් පේනවා ඒක Conventional Auto වාහන වලට පුරුදු උන අපිට දැනෙන හැඟීමක් මිසක් වාහනේ පිකප් වෙන්නෙ නැතුව නෙවෙයි කියලා. පස් දෙනෙක් ඇතුල ඉඳන් Overtake එකක් එහෙම කරගන්න කරදරයක් නෑ..Full Throttle කරපු වෙලාවට ඉතා කුඩා lag එකක් තියෙනවා, එන්ජිම On වෙලා Hybrid මෝටරෙන් පිකප් එක අරන් දෙන්න, ඒක ටිකක් පුරුදු උනාම හරි. ECO Mode එක Off කරාම තවත් පිකප් එක වැඩී. හයිබ්‍රිඩ් බැටරියේ බර කිලෝ 40ක් විතර සහ ලීටර 36ක පෙට්‍රොල් ටැංකිය එකිනෙකට ආසන්නව පිටිපස්සට වෙන්න වාහනේ Floor Board එක මට්ටමෙන් නිසා Weight distribution නරකම නෑ.. ඒක නිසා Suspension Soft උනත් Handling අනෙක් ටොයොටා Sedan වලට සාපෙක්ශව වරදක් නෑ කියන්න පුලුවන්. වංගුවක් ටිකක් වේගෙන් ගත්ත කියලා ලොකුවට Body Roll එකක් තේරෙන්නෙ නෑ. Steering Feel එක නම් Soft, EPS නිසා Feedback එක මදිගතියක් තියෙනවා. Fuel Economy සහ Reliability මුල් කරගෙන ඩිසයින් කරපු වාහනයකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න තරම් මම නම් මෝඩ නෑ. ඔබේ Driving Pleasure කියන්නෙ Pickup සහ Sporty Handling නම් මේ වාහනේ අරන් ඒකට බැන බැන යන්න එපා, ඒකෙන් වාහනේ අඩුපාඩුවක් නොව, ඔබට ගැලපෙන වාහනය තෝරාගැනීමට ඔබගේ නොදැනුවත්කම සහ නොහැකියාව ප්‍රදර්ශනය වෙවී.. Reliability සහ Fuel Economy, low Maintenance Cost ගැන වැඩිපුර හිතන, සාමාන්‍ය පවුලේ වාහනයක් හැටියට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කැමති කෙනෙක් ට ගැලපෙනවා කියල මම හිතනව. Resale Value එක ගැන කියනවනම්, Brand New Price එක Axio එකකට වඩා වැඩි නිසා Brand New Order කරල ගන්න එක පාඩුයි, නමුත් මේ වාහනේට Axio Hybrid එකකට තරම් ඉල්ලුමක් නැති නිසා ජාපානේ Auction වල යන්නෙ Sedan එකට සැලකියයුතු මිලක් අඩුවෙන්, ඒක නිසා මද වශයෙන් පාවිච්චි කරපු වාහනයක් මෙහෙන් මිලදීගත්තත්, ජාපානෙන් ගෙන්නගත්තත් සාපේක්ෂව අඩු මිලකට මිලදීගන්න පුලුවන්. එහෙම එකේ විකුනන දවසට Axio වල ගනන් Fielder එකට කියල විකුනන්න බැහැ. ඒක තේරුම් ගත්තොත් විකුනන්න අමාරුවක් නෑ. Tourism කරන අයත් මේ වාහනේ මිලදීගන්නවා.
හැබැයි මේ වාහනේ NiMH බැටරියක් පාවිච්චි කරන Toyota Hybrid එකක් නිසා අලුතින් හෝ Reconditioned තත්වයෙන් මිලදී ගන්නව නම් ගෙදර ලස්සනට තියන්න නම් ගන්න එපා කියල මම නම් කියන්නෙ. මොකද Mileage එක කීය උනත් කාලයත් එක්ක Aqua, Axio, Fielder Prius වගේ ඔක්කොම හයිබ්‍රිඩ් වල බැටරිය නරක් වෙනවා.. ඉතින් ඒ වෙනකොට ඒ යන වියදම පෙට්‍රල් වියදමින් හොයල තියෙන්න ඕනේ.. ඒකට වාහනේ දුවන්න ඕනේ.
අනුග්‍රහය සුමුදු ජයවර්ධන
writer -Sanjana Herath
Comments
Post a Comment