Posts

Showing posts from March, 2019

Toyota Corolla Fielder Hybrid

Image
වාහනේ Toyota Corolla Fielder Hybrid, සමහරු Axio Fielder කියල කිව්වත් මේකෙ Axio කෑල්ලක් නෑ.. මෑතකදී අවුරුදු කිහිපයක් පාවිච්චි කරපු වාහන වලින් එකක් නිසා දන්න දේවල් ටික කියන්නම්. ඇක්සියෝ හයිබ්‍රිඩ් එකේ Wagon එක තමයි Corolla Fielder කියල එන්නෙ. වාහනේ ඇතුලෙ හොඳට ඉඩ පහසුකම් තියෙනවා, Rear Leg room ඇක්සියෝ එකකට වඩා වැඩී, FWD වාහනයක් නිසා Transmission Tunnel එකක් නෑ, ඉතින් 3 දෙනෙකුට පසුපස සීට් එකේ කරදරයක් නැතුව යන්න පුලුවන්. දෙදෙනෙක් ගමන් කරනවනම් මැද්දෙ Arm Rest එකකුත් තියෙනවා. Front Seats දෙකේ Side Support තියෙනවා. Rear Seat එකේ Isofix Points තියෙනව Baby Seat එකක් එහෙම හයිකරන්න අවශ්‍ය නම්. Boot Space ගොඩක් හොඳයි, පිටිපස්සෙ Seats පසුපසට Tilt කරන්න උනත් පුලුවන් නිසා දුර ගමනක් සැපපහසුව නිදාගෙන උනත් යන්න පුලුවන් වගේම Rear Seats ඉස්සරහට සම්පූර්ණයෙන් ම නවලා Flat Cargo Area එකක් හදාගන්නත් පුලුවන්. Airport Drop එකක් වගේ කරනව නම් වැඩිහිටි දෙදෙනෙකුගෙ Main Baggage සහ Hand Luggage දාගන්න Boot එකේ කරදරයක් නෑ. වාහනේ ගමන් කරන්නෙ තුන්දෙකෙන් හෝ හතර දෙනෙක් නම් Rear Seat එකේ එක කොටසක් පහත් කරල තවත් ඉඩ හදාගන්න...

Toyota Hiace (Dolphin)

Image
ටොයෝටා හයිඒස් වෑන් වල හතර වෙනි පරම්පරාව, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදියට ඩොල්පින් වෑන් එක කියන්නේ වාහන පිස්සුව තියන ගොඩක් කොල්ලන්ගේ සිහින වාහනයක්.ඉතින් දන්න ඩොල්පින් වෑන් එක ගැන නොදන්න දේවල් දැනගන්න කවුරුත් ආස ඇතිනේ? ඩොල්පින් එක කියන්නේ ජපානයේ ටොයෝටා හයිඑස් වෑන් වල H100 series කියන වාහන පෙල.1989 වසරෙ මැද හරියෙ ඉදල 2004 වසර වෙනකල් මේ වාහන නිෂ්පාදනය කරලා තියනවා. H100 series වෑන් රථ, දිග ප්‍රමාණය අනුව මාදිලි 3කින් නිෂ්පාදනය වෙලා තියනවා. 1. Standard wheelbase (අපේ විදියට නම් කොට මොඩල් එක) 2.Long wheelbase (මීඩියම් ෆ්ලැට් රූෆ්/හයි රූෆ්) - අපි කියන විදියට දිග මොඩල් එක.. 3.Super long wheelbase (බේබි ග්ලාස් මොඩල්/හයි රූෆ් සුපර්ලෝන්) ඒ වගේම මේ වෑන් රථ, එන්ජින් මාදිලි කීපයකින් නිෂ්පාදනය කරලා තියනවා.මේ ඒවගෙන් කීපයක්.. * 2.0 liter petrol engines (2446cc) * 2L diesel engine * 2.0 turbo diesel engine * 3L diesel engine (3L) (2779cc) * 3.0 liter turbo diesel engine * 5L diesel engine (5L) (2986cc) * 1kz turbo diesel engine (2982cc) H100 පරම්පරාවේ rear wheel drive, එනම් පසුපස රෝද ම...