KDH 200 Super GL Auto 2499CC Turbo Diesel මේක ඉතින් වෑන් එකක් නේ, අතපය දිගෑරන් බැරිනම් නිදාගෙන යන්න පුලුවනන්, මේකේ Driver, Passenger ඇරුනම සීට් පේලි දෙකයි තියෙන්නේ. 6 දෙනෙක්ට හොදට වාඩිවෙලා යන්න ඉඩ තියෙනවා. මේක Toyota HiAce පරම්පරාවට හතරවෙනි පරම්පරාව මට මතක විදියට.. KDH - KD HiAce (KD කියන්නේ එන්ජින් වර්ගේ) මේකේ තියෙන්නේ 2KD එන්ජින් එකක්.. අලුත්ම එක GDH - GD HiAce ගිහින් තියන උපරිමය 145 Kmph පදින අය කියන විදියට හා මගේ අත්දැකීම් මත ඊට වඩා හයියෙන් යනකොට, වාහනේ ගැස්සෙනවා , පැද්දෙනවා.. ඇත්තම කිවුවොත් Toyota Dolphin එකක් එක්ක ගත්තම මේකේ සැප පහසුව මදි.. Toyota KDH එකෙත් අනු මොඩල් 3 යි.. DX - ප් රාතමිකම මොඩල් එක.. බඩු අදින්න ගහපු එකක් නිසා, අප්හොස්ටින් , Power Mirrors , Power Shutters , Dual A/C මුකුත් නෑ, බොහෝ වෙලාවට දොර 4 එන්නේ, බම්පර්, මිරර්ස්, ඔක්කොම කලු.. ලොක් පවා කලු.. 1250 KG ප් රවාහනය කරන්න පුලුවන්. GL - මේක පොඩ්ඩක් හොදයි අරට වඩා. ඒත් පොඩ්ඩයි.. මේකෙත් power mirror නෑ, අප්හොස්ටින් නෑ, Dual A/C නෑ, දොර 5 එන්නේ.. 1250 KG මේකත්. SuperGL - තියන...
Comments
Post a Comment