Introduction ඇලියොන් සහ ප්රිමියෝ කියන්නේ නිවුන් කාර් දෙකක්. මේ වාහන වල නම කියපු ගමන් මතක් වෙන දෙයක් තමයි සැප පහසුව කියන දේ. මේක ටොයෝටා කොරොල්ලා (ඇක්ෂියෝ) හා කැම්රි කියන ටොයෝටා මෝටර් රථ දෙක අතර තියන වාහනයක්. ඒ නිසා සැපපහසුව අතින් හා ලබාදීලා තියන අනෙකුත් ඔප්ෂන් ඉතාම සතුටු දායකයි. 1970 ඉදලා ටොයෝටා සමාගම නිෂ්පාදනය කරපු කරීනා මෝටර් රථය ආදේශ කරලා තමයි 2001 වසරෙදි ඉදන් ඇලියොන් මෝටර් රථය නිර්මාණය වෙන්නේ. මේකේ 2001 ඉදලා නිෂ්පාදනය කරපු පළමු පරම්පරාව හැදින්වුනේ ඇලියොන් 240 කියලා. ඉන් පස්සේ 2007 දි තමයි ඇලියොන් 260 කාර් එක නිර්මාණය වෙන්නේ. මේ කාර් ඩිසයින් එක ටොයෝටා සමාගමෙන් එදා මෙදා තුර ඩිසයින් කරපු ස්ථාවරවම ඩිසයින් එකක් කියලා කියන්න පුලුවන්. මේක කොච්චර ස්ථාවරද කියනව නම් 2007 ඉදලා අද දක්වා ටොයෝටා සමාගම සුලු වෙනස්කම් පමණක් කරලා මේක නිෂ්පාදනය කරනවා. Performance කාර් එක ගැන කියනව නම් මේකේ 1.5 L සහ 1.8 L එන්ජින් වර්ග දෙක තමයි ලංකාවේ තියන්නේ. මම පාවිච්චි කරන්නේ 1.5 L කාර් එකක්. ඒ නිසා ඒ ගැන කියන්නම්. මේකේ සැප පහසුව, ඉන්දන කාර්යක්ෂමතාවය, ඉඩකඩ, පෙනුම, පිකප් එක වගේ හැම දෙයක්ම ඉ...
Comments
Post a Comment