Defender 2.2 Puma

අද අපි කතා කරන්න යන්නේ කවුරුත් වැඩියෙන් ආසකරන වාහනයක් ගැන


Defender තියෙනවා TDI 300(2500CC),TDI 5, 2.2 puma. 
2.2Puma එක.2200CC Engine එකක් තියෙන්නේ මේකට.කලින් TDI 300,TD5 Engine වලට වඩා මේකේ තෙල් වැඩ කරනවා.ඒවගේම Pickup එක වැඩි.

2.2 Puma එක DI 300 එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙනවා,ගොඩක්ම Pickup එක වැඩි 300 එකට වඩා.කලින් 300 එකේ තෙල් 10,11 ක් වගේ කරේ.මේකේ(2.2 Puma ) 15ක් විතර කරනවා Highway වලදි එහෙම.
EA number ගැන ගැන ගොඩක් අය දන්නේ නැහැ.EA නම්බර් ඉස්සර දුන්නේ Army Auction වලින් පිට වෙනකොට.දැන් නිකුත් කරන්නේ නැහැ.Land rover,Defender කියලා දෙකක් තියෙනවා.මේක Original Defender(Defender කරලා නෙමෙයි.)
මේක Gear 6.Riverse එකත් එක්ක 7යි.Manual transmission එකක් එන්නේ.සමහ අය නම් Auto කරනවා Discovery Gear box තියලා.හැබැයි එතකොට Market අඩු වෙනවා.
Defender එකක Clutch එක ගොඩක්ම තදයි,Block වලදි,එකදිගට Reverse කරනකොට කකුලට අමාරුයි.හැබැයි දැන් නම් ඒකට Booster එකක් ඇවිල්ලා තියෙනවා Clutch එක බුරුල් වෙන්න.Booster එක ගැන නම් දන්නේ නැහැ,අපේ එකේ Booster එක හයි කරලා නැති නිසා.
මේකේ Service එක කරන්න ඕන 8,000Km-10,000KM අතර.5W 30 Castrol Oil eka ඕන දාන්න.(Comment Section එකේ Oil එකේ Photo දාන්නම්)

40,000KM පස්සේ Diferensel oil මාරු කරන්න ඕන.
Service එකට සාමාන්‍යයෙන් Rs.54,000 වගේ යනවා.
5w 30 Castrol Oil 1L-3,750 ලීටර් 7ට 26,250
Oil filter Rs.6,750
Diesel Filter Rs.11,000
Air filter 9,750

මෙතන Cost එක Rs.53,750i.(අපිට 5w 30 castrol 1L හම්බෙන්නේ අඩුවෙන්.පිටින් ගන්නවා නම් මීට වඩා Oil වලට යන්න පුලුවන්.අනික labour charge අනිත් එවා එක්ක බලනකොට මීට වඩා යන්න පුලුවන්)

මං මේ කියලා තියෙන්නේ ඔක්කොම Original genuine parts දාලා Service cost එක.Local දානවා නම් ඔයිට වඩා අඩුවෙන් කරන්න පුලුවන්.41,500 ට වගේ පුලුවන් Local ඒවා දාලා.
Signal light and යතුර දාන්න තියෙන්නේ වම් අත පැත්තේ.
(ජපන් සහ ඉන්දියන් වාහන පුරුදු වෙලා මට,පෞද්ගලිකව මං ඒකට කැමති නැහැ)

Original Brakepad 60,000 ද කොහේ.(ගාන නම් හරියට මතක නෑ.තාම 14,000Km නිසා Brakepad replace කරලා නැහැ)
අපේ එකේ ABS(Anti-lock break system) ඇවිල්ලා තියෙනවා.Unit එක Connect කරලා නැහැ.
Coil spring 4ක් ඇවිල්ලා තියෙන්නේ
Meter එක 190ට තියෙනවා.මං 140ට විතරයි තාම ගිහින් තියෙන්නේ.


*Diesel හොඳට වැඩ 1L-15KM වගේ Highway
*හොඳට Pickup එක තියෙනවා
*දුර යනකොට Car එකකට වඩා ලේසි
*A/C තියෙනවා Car එකකට වඩා හොඳටම
*120,140ට ගියත් එච්චර දැනෙන්නේ නැහැ


*හුලන් ගහන්නේ 30යි.ඒත් ගැස්සෙනවා
*Car එකක් වගේ සැප පහසු නැහැ
*4 ම Disk brake වුණත් Brake සාමාන්‍යයයි
*වංගු ගනිද්දි Car එකකට වඩා යන අයට ටිකක් අපහසුයි
*Airbag නැහැ
*Stability control නැහැ
*Defender England වුණාට Safety වාහනයක් නෙමෙයි(Airbag එහෙම නැති නිසා)






අදහස් තරිදු දෙශන්
writer - Sanjana Herath

Comments

Popular posts from this blog

Nissan Caravan

Nissan Datsun B11

Toyota Allion 260