Nissan Datsun B11

Datsun කියන නම බොහෝ දුරට ප්රසිද්ධ නමක්. මේකත් එක්ක ආපු නිසාන් පවුලේ තවත් වාහනයක් තමයි B 11. ඇමරිකාව වගේ රටවල් වලට NISSAN SENTRA කියලත් කැටගරියක් නිර්මාණය වුනා. 1981 දී පටන් ගත්ත B 11 එක අද දක්වාත් හොඳ තත්ත්වයක් පවත් වා ගෙන තියෙනවා.
මේකේ දොර 4 හා දොර 2 වශයෙන් කොටස් දෙකක් ආවා. පෙනුම පැත්තෙන් නම් කොටස් කීපයක් තියෙනවා.

B 11 තමයි මුලින්ම ආපු front wheel කාර් එක(නිසාන් වලින්).
පාවිච්චිය අතින් නම් ඉතාම හොඳ මට්ටමේ වාහනයක්. ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 12කට වැඩිය දුවන්න පුළුවන් කිසි කරදරයක් නැතිව.
ඇතුලත ඉඩ පහසුව සාපේක්ෂව හොඳයි. ඉස්සරහ දෙන්නට විතරක් නෙමෙයි පිටිපස්සේ අයටත් හොඳට කකුල් දිගෑරගෙන යන්න පුළුවන්. සීට් වල හොඳ සැප පහසුවක් තියෙනවා. වායුසමීකරණ පද්දතිය සැලකිය යුතු මට්ටමක තියෙනවා. හැබැයි අලුත් වාහන වල වගේ freezer මට්ටමට කුල් වෙන්නේ නෑ. අලුත් අමතර කොටස් දාලා හදාගත්තොත් හරි.

ටයර් සයිස් එක 13 තමයි ඇවිල්ල තියෙන්නේ. ටයර් හොයන්න ලොකු අමාරුවකුත් නෑ එතකොට. දුරතවූ ඇවිල්ල තියෙන නිසා alloy wheel හොයන්න ටිකක් අමාරුයි මේ වෙනකොට.
දුර ගමන් වලට ඇත්තටම පහසුයි. හොඳ විව් එකක් තියෙනවා පළල වින්ඩ්ස්ක්රින් එක නිසා. මම පාවිච්චි කරන්නේ B 11 දොර දෙකේ ෆාස්ට් බැක් මොඩල් එක. දොර දෙක වුනාට හතර දෙනාට සනීපෙට යන්න පුළුවන්. ලොකු ඩිකී ඉඩක් තියෙනවා. බය නැතිව ලොකුවට ඕඩියෝ සිස්ටම් එකක් වුනත් දාගන්න පුළුවන්.(හි හි මම කරපු දේ තමයි ඒ ) එත් තවමත් ඩිකියේ ඉඩ එහෙමමයි.
අමතර කොටස් වල ලොකු අඩුවක් නෑ . හැබැයි කාබියුරේටර් නිසා හරියටම ටියුනින් කරගන්න ඕන. කාබ් එකේ බඩු ඕනෑම එකක් කොට්ටාව පැත්තෙන් හොයාගන්න පුළුවන්.
(රම්යා මෝටර්ස් - යාලුවෙක් නෙමෙයි ඈ ) 

පවර් ස්ටියරින් ඇවිත් නැති වුනත් හරවන්න ලොකු තදයක් නෑ. ආපු මොඩලුත් තියෙනවා. ඕනෙම නම් EPS(Electronic Power Steering) කරගන්න පුළුවන්. හැබැයි ටිකක් වියදම ගැන බලන්න.
අමතර කොටස් වලදී වාහනේ ෂෙල් එක , කන්නාඩි, පිටිපස්සේ දිග විදුරුව (දොර දෙකේ මොඩල් වල) ගැන ටිකක් පරෙස්සම් වෙන්න වෙනවා. හොයන්න අමාරු කොටස් නිසා.
ඔරිජිනල් ඔල්ටනේටරේ තියෙන්නේ මතක විදිහට ඇම්පියර් 50. මේක නම් මාරු කරගන්නවානම් හොඳයි. ලොකු ගානක් යන්නේ නෑ.
හරි. ඒ කියුවේ ගුණ ගැන නේ. දැන් පොඩි දොස් ටිකකුත් කියන්නම්කො.
මෙහෙමයි. බ්රේක් පද්දතිය නිසි වෙලාවට සර්විස් කරන්න ඕන. නැත්නම් පුතේ පාරේ තමයි. කැලිපර් පින් මලකඩ කෑවොත් සොරි.

Original Distribution එකේ vacuum advance එක ගොඩක් වාහන වල වැඩ කරන්නේ නෑ. ඊළගට කාබ් එකේ secondary දොර වැඩකරන්නේත් නෑ. (අපේ සමහර මක බාස්ල ඇතුලේ පවර් වැල් එක ලොක් කරන්න වැකුම් ලයින් වහන නිසා) මේක හරි අපරාදයක්. තෙල් වැඩකරන්න කියල වැහුවට ඊට පස්සේ අදින්නේ නෑ කියනවා. කොහොමත් තෙල් කරන්නේ 12 - 16 අතර තමයි.
පිටිපස්ස ටිකක් උස මදි. කට්ටිය යනකොට යට වදින ගතියක් තියෙනවා. හැබැයි ස්පේසර් දාගත්තොත් එකත් හරි.
දෙයියනේ කියල බෆර් දෙකයි සිග්නල් ලයිටුයි පරෙස්සම් කරගන්න. සයිඩ් සිග්නල් කප් එහෙම ටිකක් හොයන්න අමාරුයි.

අනුග්‍රහය - කවී සුලක්ෂන
writer - Sanjana Herath

Comments

Popular posts from this blog

Nissan Caravan

Toyota Allion 260