Mahindra jeeto mini truck

ඔන්න අද වෙනස්ම රිවීව් එකක් අරන් ආවා

මේක mahindra සමාගමේ ඉන්දියන් නිශාපාදනයක් , එන්ජිම 650 cc ඩීසල්, ස්ටාර්ට් කලාම හරියටම පියාජියො ත්‍රීවිල් එකට වඩා සද්දෙ ටිකයි අඩු. ඒත් ප්‍රයෝජන නම් ගොඩයි මේකේ...ඇත්තටම මේක hybrid එකක් ගානට තෙල් වැඩ.

සාමාන්‍ය load එකට දුර යනකොට 33 ක්
ලෝඩ් ඇතිව/ නැතිව කොලඹ නම් 23 ක්
ලෝඩ් ඇතිව/ නැතිව සාමාන්‍යයෙන් 27.5 ක්
ටොන් එකක ලෝඩ් එකට සාමාන්‍යයෙන් 25 ක්
මේකේ තෙල් වැඩ කරනවා, ඇත්තටම ත්‍රීවීල් එකට වඩා හොදයි

එන්ජිම තිබෙන්නෙ පසුපස නිසා...ඕන කන්දක් අදිනවා....කන්දක් මැද බ්‍රේක් කරලා උන්ත් පිකප් කරලා ගන්න පුලුවන් ගේමක් නැතිව

ඒත් Hiway දැම්මත් මේක උපරිම වේගය පැ.කි.68 ට වඩා නම් යන්නෙ නෑ....
ඩීමෝ බට්ටාට වඩා කදු අදිනවා ඒත් තැන්නට නම් බට්ටා තරම් වේගෙන් යන්න බෑ
අනික් වාසිය මේකෙ සර්විස් එක කරන්න ඕනේ කි.මී.10,000 කට වරක්, අනික් වාහන වගේ 5000 න් කරන්න ඕනේ නෑ. සර්විස් එකකට රු.8000 ක් වගේ යනවා
අඩි 6 ක් දිග තට්ටුවක් තිබෙනවා..... දැන් නම් මේ මොඩල් එක එන්නෙ නෑ 2016 තමා last year, ලක්ශ 10 කට තමා ඇවිත් තිබෙන්නෙ ඒත් කැනපි ගහලා register වෙනකොට 11.5 ක් වගේ වෙනවා මතක විදියට

Used එකක් සාමාන්‍යයෙන් ලක්ශ 8.5-9 ක් වගේ වෙනවා තාමත් මේවා අලුත් නිසා
ඉදිරිපස කැබින් එක හොදට ඉඩ තිබෙනවා.... සීට් නම් ලෑලි උඩ යනවා වගේ කිසිම සැප පහසුවක් නෑ.. ඉදිරිපස හා පසුපස කොයිල් ස්ප්‍රීන් නිසා වලක වැටුනත් ඒ තරම් තේරෙන්නෙ නෑ...ඒ වගේම මේකෙ උපන් ලෙඩක් තමා බ්‍රෑන්ඩ්නිව් ආවත් කි.මි 500 යනකොට කැලිපර් බුශ් සද්ද එනවා වලක වැටුනම ඒ ඇරෙන්න 85,000km දුවපුවා තිබෙනවා කිසිම එන්ජින් රෙපෙයාර් එකක් නැතිව... 

ඉතින් මේක පොඩි බිස්නස් එකකට කියාපු වාහනයක් කි.මි.275 -300 ක් යන්න පුලුවන් තෙල් ලිටර් 10 ක් ( full tank ) රු.1000 ක් වියදම් කලානම්...




අනුග්‍රහය හසින්ත ශ්‍රිමාල්Writer - Sanjana Herath

Comments

Popular posts from this blog

Nissan Caravan

Nissan Datsun B11

Toyota Allion 260