Posts

Suzuki Every

Image
මුලින්ම මේකේ ලුක් එක ගත්තොත් මේක ඉතිම් ලොකු ලක්සරි ලුක් එකක් නෑ. ඒත් ඉතින් පෙනුමක් නැත්තෙමත් නෑ..  පාර්කින් ස්පේස් එක වීල් එක තරම් මයි.. අනික වැගම් ආර් වගේ නෙවෙයි, ඕනේ ගැරේජ් එකක ගලවන්න පුලුවන්, පෙට් ‍ රල් එන්ජිම විතරක් නිසා. Triptronic - Transmission 650 CC Petrol Engine Seating Capacity :- 5 Suzuki Every Join. මේකේ ප් ‍ රධාන කොටස් දෙකයි.. DA64V DA16V එන්ජින් එකෙන් වෙනස් මේ දෙක ඩෝර් හැඩල්ස් ගියර් ලිවර් එකෙන් මේ දෙක අදුරගන්න පුලුවන්. DA 64V නම් ඉතින් ගියර් 4 යි.. සමහරක් ඒවගේ O/D බටන් එකක් එනවලු, සමහරක් ඒවගේ නෑ.. ඒක හරියටම දන්නෑ.. මේකේ තෙල් කරනවා අඩුයි.. මේකේ ඩෝ හැඩල්ස් ඔක්කොම තිරස් අතට තියෙන්නේ.. DA17V නම් ගියර් 5 ට් ‍ රිප්ටොනික්.. ඒ කියන්නේ ඔටෝ මැනුවල් දෙකම.. මේකේ ඉස්සරහා දොරවල් වල හැඩල් තිරස් අතටත්, ස්ලයිඩින් ඩෝ හැඩල්ස් සිරස් අතටත් තියෙන්නේ.. තව ඉතින් මේ දෙකේම අනු කොටස් 3 යි PA - මේක ප් ‍ රාතමිකයි.. ඒ කියන්නේ වයින්ඩර්, පවර් මිරර්ස් නෑ.. වෙන මුකුත්ම නෑ.. මිලෙන් අඩුයි.. PC - මේක ඉතින් ටිකක් හොදයි.. ඒ කිවුවේ පවර් මිරර්ස් නැතත් ඉස්සරහා පවර් සටර්ස් ඇවිල්ලා තියනවා. පිට...

Mahendra Bolero

Image
මහෙන්ද් ‍ රා බොලෙරෝ.. Made in India year - 2014 4 Speed Gear. Max 100 KMPH Without Power Steering මේක ඉතිම් ගොඩේ මඩේ ගහේ ගලේ උනත් යන්න නම් පුලුවන්.. අනික මේක හයියයි.. මං සාමාන් ‍ යයෙන් දකින විදියට..  😁  සේෆ්ටි රේටින් නෙවේ හොදේ.. 2500 CC Turbo Diesel ඇන්ජිමක් ලු තියෙන්නේ.. මේක නම් පාවිච්චි කරන්නේ සෆාරි යන්න.. කෝම උනත් මේකේ තෙල් 16,18 වගේ කරනවා.. Toyota Hilux, Mitsubhi L200 ඇරුනම Land Cruiser 70X වගේ ඒවත් දැන් යාල දුවන එකේ මේවා(බෝලරෝ) මං දැකපු මේන්ටේන් කොස්ට් එක අඩුම වාහනේ.. අනික මහෙන්ද් ‍ රා කම්පැනි එකෙන් සෆාරි සංගම් වලට වෙනම ඩිස්කවුන්ට් එකකුත් දීලා තියනවා.. මේකේ ඉතින් වාසි ගත්තම නඩත්තුව පහසුයි, කල් පැවැත්මක් තියනවා.. යම්තාක් දුරට.. මොකද මේවා නම් නිතරම මඩේ වතුරෙත් යන වාහන නිසා.. පවර් නෑ කියලා හරවන්න අමාරුවක් එහෙම මුකුත් මං නම් දකින්නෑ, ඒත් පාරේ යද්දි වංගු ගනිද්දි පොඩ්ඩක් මූන පාරෙන් පිට පනිනවා වගේ තේරෙනවා.. වැඩිපුර පදින්නේ මූණු නැති එකක් නිසාද දන්නෑ ඉතිම්..  😂 👆 මේකේ පවර් ස්ටීරින්, වගේම A/C එන මොඩලුත් එනවා.. ඒත් ඒවා පොඩ්ඩක් වියදම් අදිකයි.. අනික ද...

Mahindra jeeto mini truck

Image
ඔන්න අද වෙනස්ම රිවීව් එකක් අරන් ආවා මේක mahindra සමාගමේ ඉන්දියන් නිශාපාදනයක් , එන්ජිම 650 cc ඩීසල්, ස්ටාර්ට් කලාම හරියටම පියාජියො ත්‍රීවිල් එකට වඩා සද්දෙ ටිකයි අඩු. ඒත් ප්‍රයෝජන නම් ගොඩයි මේකේ...ඇත්තටම මේක hybrid එකක් ගානට තෙල් වැඩ. සාමාන්‍ය load එකට දුර යනකොට 33 ක් ලෝඩ් ඇතිව/ නැතිව කොලඹ නම් 23 ක් ලෝඩ් ඇතිව/ නැතිව සාමාන්‍යයෙන් 27.5 ක් ටොන් එකක ලෝඩ් එකට සාමාන්‍යයෙන් 25 ක් මේකේ තෙල් වැඩ කරනවා, ඇත්තටම ත්‍රීවීල් එකට වඩා හොදයි එන්ජිම තිබෙන්නෙ පසුපස නිසා...ඕන කන්දක් අදිනවා....කන්දක් මැද බ්‍රේක් කරලා උන්ත් පිකප් කරලා ගන්න පුලුවන් ගේමක් නැතිව ඒත් Hiway දැම්මත් මේක උපරිම වේගය පැ.කි.68 ට වඩා නම් යන්නෙ නෑ.... ඩීමෝ බට්ටාට වඩා කදු අදිනවා ඒත් තැන්නට නම් බට්ටා තරම් වේගෙන් යන්න බෑ අනික් වාසිය මේකෙ සර්විස් එක කරන්න ඕනේ කි.මී.10,000 කට වරක්, අනික් වාහන වගේ 5000 න් කරන්න ඕනේ නෑ. සර්විස් එකකට රු.8000 ක් වගේ යනවා අඩි 6 ක් දිග තට්ටුවක් තිබෙනවා..... දැන් නම් මේ මොඩල් එක එන්නෙ නෑ 2016 තමා last year, ලක්ශ 10 කට තමා ඇවිත් තිබෙන්නෙ ඒත් කැනපි ගහලා register වෙනකොට 11.5 ක් වගේ වෙනවා මතක විදියට ...

BMW 520D

Image
BMW 520d එක මුලින්ම ලංකාවෙ දකින්න ලැබුනෙ 2011 වර්ශයෙදි. මීට කලින් BMW F10 Chassi එකෙන් ආවෙ Petrol වාහන විතරයි. Permit සහනත් එක්ක ලංකාවට 520d වැඩි වශයෙන් ආනයනය කරා. ගොඩක්ම ගෙනාවෙ BMW Agent Prestige Automobiles තමයි. BMW 520d කියන්නෙ 2000cc | 4 Cylinder | Twin power-Turbo එන්ජිමක් තියෙන වාහනයක්. Gearbox එක 8 speed Automatic(Streptronic). Standard ආවෙ Rear Wheel Drive. ලංකාවෙ තියෙන ගොඩක් BMW 520d වල option අඩුයි. මොකද permit වලට ගෙනාව වාහන නිසා යම්කිසි උපරිමයකට යටත් වෙන්න වෙන නිසා. 2011 ඉදන් 2014 වෙනකන් ආවේ Pre-Facelift Model එක. 2014 ඉදන් 2016 වෙනකන් ආවා Facelift model එක. මේ අතර ආවා M Sport Version එකකුත්. M5 එක ගැන නෙවෙයි මේ කියන්නෙ. Bodykit එකයි ඇතුලෙ පොඩි පොඩි features ඇරුනම ඔක්කොම එක සමානයි. Maintenance Cost එක ගැන කිවුවොත් Normal Regular Service එක කරන්න ඕන 8000-10000 km අතර. මේකට Oil, Oil Filter අවශ්‍ය නම් Air Filter එක මාරු කරනවා. Oil එක Shell Helix ULTRA 5W40. But BMW Recommends Castrol. Oil සහ Oil Filter මාරු කරලා Service එක කරන්න රු. 27000ක් වගේ යනවා. Air Filter එක මාරු ...

TOYOTA CROWN

Image
👑  TOYOTA CROWN  👑  Review  🌍 කවුරුත් ගන්න ආස ලංකාවේ බ් ‍ රෝකර්ස්ල හින්දා ගන්න බය සුපිරි භාණ්ඩයක් තමයි Toyota Crown series එක. 100% Toyota සමාගමෙන් නිශ්පාදනය කරන වාහන වර්ග වලින් එකක් තමයි Crown කියන්නේ. Luxury හා semi-luxury කාණ්ඩයට අයත් මෙම රථයේ මුලින්ම නිශපාදනය වන්නේ 1955 වසරේ දීය. 1955 පටන් ගෙන අද දක්වා Generation 15 කට අයත් වාහන බොහොමයක් නිශ්පාදනය කර තිබෙනවා. මෙම රථය USA වලට (1958 )ප් ‍ රථම වරට ආනයනය කරන ලද ජපන් වාහනය ලෙස සැලකෙනවා. බොහෝමයක් රටවල රජයේ වාහනයක් ,VIP අයවලුන්ගේ ප් ‍ රවාහන කටයුතු සදහාද, Police නිල රථයක් වශයෙන්ද භාවිතා කොට තිබෙනවා. ලංකාවට 1980-1995 කාලයේදී රජයේ උසස් නිලදාරීන්ගේ ප් ‍ රවාහන කටයුතු සදහා ආනයනය කොට තිබෙනවා. අද වන විට මෙම රථය ජපානය ,ඕස්ට් ‍ රේලියාව,ඉන්දුනීසියාව,චීනය වැනි රටවල එකලස් කිරීමේ කටයුතු කරනවා. මීට සමගාමීව Toyota සමාගමෙන් නිපදවූ වාහන ලෙස Lexus GS/LS ,Toyota Aristo ද, වෙනත් සමාගම් වලින් නිපදවූ වාහන ලෙස Nissan Cedric/Gloria, Honda Legend , Mitsubishi Debouir , Isuzu Bellel වැනි රථ හදුන්වා දිය හැකිය.. මීට අමතරව ලොව සුපතල Toyo...

Nissan Datsun B11

Image
Datsun කියන නම බොහෝ දුරට ප්රසිද්ධ නමක්. මේකත් එක්ක ආපු නිසාන් පවුලේ තවත් වාහනයක් තමයි B 11. ඇමරිකාව වගේ රටවල් වලට NISSAN SENTRA කියලත් කැටගරියක් නිර්මාණය වුනා. 1981 දී පටන් ගත්ත B 11 එක අද දක්වාත් හොඳ තත්ත්වයක් පවත් වා ගෙන තියෙනවා. මේකේ දොර 4 හා දොර 2 වශයෙන් කොටස් දෙකක් ආවා. පෙනුම පැත්තෙන් නම් කොටස් කීපයක් තියෙනවා. B 11 තමයි මුලින්ම ආපු front wheel කාර් එක(නිසාන් වලින්). පාවිච්චිය අතින් නම් ඉතාම හොඳ මට්ටමේ වාහනයක්. ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 12කට වැඩිය දුවන්න පුළුවන් කිසි කරදරයක් නැතිව. ඇතුලත ඉඩ පහසුව සාපේක්ෂව හොඳයි. ඉස්සරහ දෙන්නට විතරක් නෙමෙයි පිටිපස්සේ අයටත් හොඳට කකුල් දිගෑරගෙන යන්න පුළුවන්. සීට් වල හොඳ සැප පහසුවක් තියෙනවා. වායුසමීකරණ පද්දතිය සැලකිය යුතු මට්ටමක තියෙනවා. හැබැයි අලුත් වාහන වල වගේ freezer මට්ටමට කුල් වෙන්නේ නෑ. අලුත් අමතර කොටස් දාලා හදාගත්තොත් හරි. ටයර් සයිස් එක 13 තමයි ඇවිල්ල තියෙන්නේ. ටයර් හොයන්න ලොකු අමාරුවකුත් නෑ එතකොට. දුරතවූ ඇවිල්ල තියෙන නිසා alloy wheel හොයන්න ටිකක් අමාරුයි මේ වෙනකොට. දුර ගමන් වලට ඇත්තටම පහසුයි. හොඳ විව් එකක් තියෙනවා පළල වින්ඩ්ස්ක්රින් එක නිසා....

Honda Civic ES8

Image
7th generation civic එක විදිහට ES series එක අාවා 2000-2005 වගේ කාලෙ අාවෙ. ES1, ES8 1.5l engine. Vtec, non vtec දෙකම අාවා. Vtec එ්වා CVT gearbox එකක් එක්ක තමයි ගොඩක් අාවෙ. Manual එ්වත් තියනවා. ES8 ගොඩක් අාවෙ leather seat එක්ක.  ES3 - 1.7l engine ES5 - 1.6l engine, non vtec, normal 5 speed auto ES facelift එකකුත් අාවා. එ්කෙ high lo beam දෙක වෙනම අාවෙ. මම ගත්ත එක 2002 ES8 VTI එකක්. 120000ක් දුවල තිබුනා. අැතුලෙ ඉඩ තියනවා සාපේක්ෂව. CVT එකක් නිසා ඉස්සෙල්ලම pickup කරද්දි smooth නැති ගතියක් දැනුනා නිකං අැදි අැදි යනව වගේ ටිකක්. Axio එකක් කලින් පැදල තිබුනා එ් වගේ නෙවෙයි (axio එ් කාලෙ අලුත් නිසාද දන්නෑ) එ්ත් ටික දවසකින් එ්ක සාමාන්‍ය දෙයක් උනා.  Engine එක VTEC, 115bhp. කාර් එක වැඩිය බර නැති නිසා pickup හොඳයි. 0-100 තත්පර 10ක් විතර යනවා. ROM 4500 පැන්නාම VTEC engage වෙලා සද්දෙ වෙනස් වෙලා පිකප් වැඩි වෙනවා. අර කතාවට කියන්නෙ VTEC kicked in yo කියලා.. පරන EG වල තරම් දැනෙන්නෙ නැති උනාට එ්ක මාරම feeling එකක්.  Arm rest එක seat එකටමයි එන්නෙ. ලෑල්ලක් තිබ්බ වගේ. ...